පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම මැද පෙරදිග සංචාරය නිමා කරේ ඊශ්‍රායලයේ සුප්‍රසිද්ධ Yad Vashem ස්මාරකය නැරඹීමෙන්.
නාසීන් විසින් සිදු කල මිලියන 6කට අධික යුදෙව් ජන සංහාරය සිහි කරන්න හදපු මේ මධ්‍යස්ථානය නරඹන එක එරටට පැමිණෙන රාජ්‍ය නායකයන් සිරිතක් ලෙස කරන දෙයක්.
එහි ඇති අමුත්තන්ගේ සමරු පොතේ යුදෙව් සංහාරය පිලිබඳ තමන්ගේ ශෝකය සහ නැවත එවැනි දෙයක් සිදු නොවීමට ලෝකට දෙන පණිවිඩයක් ලියන්නත් ඔවුන් අමතක කරන්නෙ නෑ
.
ඉතින් ට්‍රම්ප් එහි ලියන සටහන ගැන මිනිස්සු ඉතා ඕනෑකමින් බලා සිටියා.
අතීතයේ පැමිණි බැරැක් ඔබාමා, හිලරි ක්ලින්ටන් වැනි පරිණත දේශපාලඥයො ප්‍රබුද්ධ ගණයේ අර්ථාන්විත සටහන් ලියද්දි
ට්‍රම්ප් ලොක්කා කුඩා ළමුන්ගේ උපන්දින සාදයක තමන්ගේ විෂ් එක ලියන පොඩි එකෙක් වගේ මෙන්න මෙහෙම ලිව්වා.
ට්‍රම්ප් ලොක්කා කුඩා ළමුන්ගේ උපන්දින සාදයක තමන්ගේ විෂ් එක ලියන පොඩි එකෙක් වගේ මෙන්න මෙහෙම ලිව්වා.
"It's great honor to be here with all my friends.
So amazing and will never forget!"
පහත දැක්වෙන්නේ මීට පෙර Yad Vashem ස්මාරක සමරු පොතේ හිටපු ජනපති බරක් ඔබාමා සහ හිටපු ජනපති ආර්යා හිලරි ක්ලින්ටන්ගේ සමරු සටහන් වේ.
So amazing and will never forget!"
පහත දැක්වෙන්නේ මීට පෙර Yad Vashem ස්මාරක සමරු පොතේ හිටපු ජනපති බරක් ඔබාමා සහ හිටපු ජනපති ආර්යා හිලරි ක්ලින්ටන්ගේ සමරු සටහන් වේ.
-මලිත්
No comments:
Post a Comment