Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Wednesday, April 12, 2017

උතුරු කොරියාවේ එදිනෙදා ජීවිතය


උතුරු කොරියාව කියන්නෙ ජාත්‍යන්තර මාධ්‍ය වල නිරතුරුවම කතා බහට ලක්වෙන ආන්දෝලනාත්මක රටක්.
ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට යුද්ධයකට යාම සඳහා අභියෝග කරන න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ කිම් ජොං උන්ගේ කොමියුනිස්ට්වාදී කොරියාවේ එදිනෙදා ජන ජීවිතය දෙස මදක් විමසා බලමු.


ඡායාරූප එකින් එක විස්තර කර ඇත.
මේ ඡායාරූප සියල්ල Eric Lafforgue ඡායාරූප ශිල්පියා විසින් විසින් ගන්නා ලද නීති විරෝධී ඡායාරූප වේ. ඔහු 6 වතාවක් උතුරු කොරියාවේ සංචාරය කර ඇති අතර මේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීම නිසා ඔහුට උතුරු කොරියාවට ඇතුල්වීම බලධාරීන් විසින් තහනම් කර ඇත.
උතුරු කොරියාව ගැන තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
-මලිත්
මහා මාර්ගයක් අසල විවේක සුවයෙන් පසුවන සොල්දාදුවෙක්.

හමුදා සෙබලුන් සියලු ආකාර සේවා සඳ්හා යොදා ගැනේ.

ගම්බද ගං ඉවුරක ස්නානයේ යෙදෙන පුද්ගලයෙක්

පියොංයැං උමං දුම්රිය පද්ධතිය ලොව ගැඹුරින්ම පිහිටි දුම්රිය මාර්ග වලින් සමන්විතය. ඒ හදිසි අවස්ථාවක බෝම්බ වලින් ආරක්ෂා වීමට බංකර් ලෙස භාවිතයට ගැනීමට හැකිවන පරිදිය.

කාපට් අතුරා නැති පාරක ගමන් කරන කුඩා ළමුන් දෙදෙනෙක්

වගාබිම් වල වැඩ කරන ළමා ශ්‍රමිකයන්

නීති විරෝධී වුවද සමහරු සිගරට්, ලොසින්ජර ආදිය විකුණා අමතර මුදලක් උපයාගනී.

කිම්ජොංගිලියා උත්සවයට සහභාගි වීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව නගරයේ ස්මාරක වෙත පෙළගැසී යන ආකාරය

පෞද්ගලික රථ වාහන විරල අධිවේගී මාර්ග. කුඩා දරුවන් මහ මග කෙලි දෙලෙන් ගැවසෙයි

ගම්බද නිවසක්. නිවැසියන් නළ ලිඳක් ආධාරයෙන් නාන බේසමට වතුර පුරවා ගනියි.

නගරාන්තර පොදු ප්‍රවාහන පද්ධතිය ඉතා දුර්වලයි. හමුදා නිලධාරීන් ලිෆ්ට් එකක් බලාපොරොත්තුවෙන් අධිවේගී මාර්ගය අසල රැඳී සිටීම සුලබ දසුනක්

පියොංයැං හි සුපිටි වෙලැඳසැල් 2ක් ඇති අතර සියලු ආකාර වල බඩු බාහිරාදිය මෙහිඩී ලබාගත හැක. කොරියානු වොං, යුආන් සහ යුරෝ වලින් ගනුදෙනු කල හැක. නමුත් මේ වෙළඳසැල් වලින් බඩු ගැනීමට හැකියාව ඇත්තේ උසස් පැලැන්තියට (elites) පමණි.

ඉතාම අනාරක්ෂිත තතව යටතේ ඉදිකීරීම් කටයුතු වල නියැලෙන කොරියානුවන්

පියොංයැං ඩොල්පින් සංදර්ශන මධ්‍යස්ථානය. හිස් ආසන පිරවීමට හමුදා නිලධාරීන් යොදවා ඇත.

කුඩා සල්පිලක් අසල බංකුවක විවේක ගන්නා මවක් සහ පුතෙක්.

නායකයන්ගේ ප්‍රතිමා වලට යමක් හේත්තු කර / හේත්තු වී සිටීම නීති විරෝධී ක්‍රියාවකි.

ලොවට කොතරම් පුරසාරම් දෙඩුවත් මහජනතාව තණකොල පවා ආහාරයට ගන්නා තත්වයට පත්වී ඇත.

සංචාරය සඳහා නිර්දේශිත උතුරු කොරියානු නිවසක පරිගණකය භාවිතා කරන දරුවන්..(ඒ අවස්ථාවේ විදුලිය ඇණහිට තිබුනි)

බස් රථයක් වෙනුවෙන් දිග පෝලිමක්

මග ඇණහිටි බසයක් තල්ලු කරන හමුදා නිලධාරීන්

පියොංයැං චිත්‍ර කලා මධ්‍යස්ථානයේ සංචාරයක් අතර තුර විදුලිය විසන්ධි වේ. ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා මෙසේ වූ බව බලධාරීන්ගේ අදහසයි.

නවීන අංගෝපාංග උතුරු කොරියාවේ විරල දසුනකි. ගමන් කරන පඩි පෙළක් (escalator) දෙස විමතියෙන් බලා සිටින් කුඩා දරුවන් පිරිසක්

රට වැසියන් හට අනිවාර්‍ය වූ "ස්වකැමැත්තෙන්" සිදු කරන නගර අලංකරණ ශ්‍රමදාන

පරණ ටයරයක් උඩ පාවෙමින් මසුන් අල්ලන පුද්ගලයෙක්

ගෑස් සිලින්ඩරයක් ඔස්වාගෙන යන පුද්ගලයෙක්

මන්දපෝෂණයෙන් පෙලෙන කුඩා දරුවන් පිරිසක්.

මේ ඡායාරූප සියල්ල Eric Lafforgue මාධ්‍යවේදියා විසින් ගන්නා ලද නීති විරෝධී ඡායාරූප වේ.

No comments:

Post a Comment