Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Saturday, May 20, 2017

තායි රජුගේ ආන්දෝලනාත්මක වීඩියෝව




ඡායාරූපයේ දැක්වෙන්නේ තායිලන්තයේ වර්තමාන රජු "මහා වජිරලොන්කෝන්" ඔහුගේ තෙවැනි බිරිඳ සහ "එයාර් චීෆ් මාෂල්" ෆු ෆු නම් සුරතල් සුනඛයා යි.


වසර 70ක් තායි රටේ කිරුල දැරූ භූමිබෝල් රජුගේ 64 හැවිරිදි එකම පුතු විනෝදයට බර ගැහැණු සොඬෙක් ලෙස ප්‍රසිද්ධයි. 


ඔහු ඉතා ඇලුම් කරන ෆු ෆූ නම් පූඩ්ල් වර්ගයේ සුනඛයා එවකට තායි ගුවන් හමුදාවේ එයාර් චීෆ් මාෂල් ධූරයෙන් පුදන්නට ඔහු කටයුතු කලා. එමෙන්ම ඌව රාජ්‍ය උත්සව, භෝජන සංග්‍රහ වලටද සහභාගි කරගත්තා. ඌ මිය ගිය අවස්ථාවේ දින 4ක් බෞද්ධාගමික වතාවත් සිදු කර උගෙ අවසන් කටයුතු කරන්නට ඔහු අණ කලා.



තායිලන්තයේ රජුට රට වැසියන් ඉතාම බය මුසු පක්ෂපාතී බවක් දක්වන අතර රජුට හෝ රජ පවුලට අපහාස කිරීම අවුරුදු 15ක් දක්වා සිරදඬුවම් ලැබීමට හේතුවක්. 

ජර්මනියේ සංචාරයකදී මියුනිච් හි සාප්පු සංකීර්ණයක ක්‍රැප් ටොප් එකක් හා ඉනෙන් පහලට අඳින ලද ඩෙනිම් හැඳ තාවකාලික පච්ච වලින් සැරසී සිය බිරිඳ සමග ගමන් කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල වයිරල් වී තිබෙනවා. 

එරටේ රජුට අපහාස වන මෙම වීඩියෝව සම්බන්ධයෙන් එරට රජය ෆේස්බුක් සමග උරණ ව එම වීඩියෝ ඉවත් කරන මෙන් ෆේස්බුක් පරිපාලනට බලපෑම් කරන්නට සහ නඩු මාර්ගයට අවතීර්ණ වෙන්නට පටන් ගෙන තිබෙනවා. අදාල ඡායාරූප සහ විඩියෝ ඉවත් නොකලහොත් තායිලන්තය ෆේස්බුක් අඩවි පරිශීලනය එරට වැසියන්ට තහනම් කිරීමට පවා මැලි නොවන බවයි එරට රජය සඳහන් කරේ.
අදාළ වීඩියෝව පහතින්:

No comments:

Post a Comment