|යම් රටක පුරවැසියන් නොවන දෙමව්පියන්ට ඒ රට තුලදී දරුවකු ලැබුනොත් එම රටේ පුරවැසිභාවය (birthright citizenship) එම දරුවාට හිමි වෙයිද?
මෙය රටින් රටට වෙනස් වන අතර දෙමව්පියන්ගේ පුරවැසිභාවය කෙසේ වුවත්;
*තද නිල් පැහැයෙන් දක්වා ඇති රටවල උපදින දරුවන්ට කොන්දේසි විරහිතව එම රටේ පුරවැසි භාවය හිමිවේ.
*ලා නිල් පැහැයෙන් ඇති රටවල ඉපදෙන දරුවන්ට යම් කොන්දේසි වලට යටත්ව පුරවැසිභාවය හිමි වේ.
*ඉන්දියාව තුල ඉපදෙන විදේශිකයන්ගේ දරුවනට පුරවැසිභාවය ලබා දීම අත්හිටුවා ඇත.
සමහර දියුණු රටවල කොන්දේසි විරහිත පුරවැසිභාවය හේතු කොට ගෙන සමහර දෙමව්පියන් අදාළ රටේදී දරුවා ප්‍රසූත කිරීමට කටයුතු සකස් කර ගනී. එහිදී එම රටේ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන හිමිකම්, ආධාර සහ අනාගතයේ දෙමව්පියන්ව එම රටට ගෙන්වාගත හැකි වීමේ අයිතියද ද එම දරුවාට හිමි වේ. මෙය Birth Tourism යනුවෙන් හැඳින්වේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව මෙහි ප්‍රධාන ඉලක්ක රටවල් වේ.
එම තත්වය වලක්වාගැනීම පිණිස එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙමව්පියන්ගෙන් එක් කෙනෙක් අදාළ රටේ පුරවැසියෙක් වීම / ඒ රටේ අවුරුදු කිහිපයක් ජිවත් වීම වැනි කොන්දේසි ඉදිරිපත් කර ඇත.
No comments:
Post a Comment