Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Monday, October 16, 2017



යෝධ රොබෝවරු එකිනෙකා හා සටන් කරන Real Steel චිත්‍රපටය ඔබට මතකද?

එය සැබෑවක් කරන්නට යෝධ රොබෝ වරුන්ගේ ද්වන්ධ සටනකට එන ලෙස ඇමෙරිකාවේ Megabots සමාගම 2015 ජූලි මාසයේදී ජපානයේ Suidobashi සමාගමට අභියෝග කරනවා. ජපන් සමාගම අභියෝගය භාරගන්නා අතර දෙපාර්ශ්වයම යුහුසුළුව රොබෝ සටන් කරුවන් දෙදෙනෙක් නිර්මාණය කරනවා.

අවුරුදු 2ක මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවේ Eagle Prime සහ ජපානයේ Kuratas යෝධ රෝබෝ වරුන්ගේ ද්වන්ද සටන ප්‍රථම දැකගැනීමට අවස්ථාව, ලබන බදාදා (18) ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7.30ට twitch.tv/megabotsinc අඩවිය ඔස්සේ ඔබට හිමි වෙනවා. ඉන්පසු ෆේස්බුක් සහ යූටියුබ් අඩවි තුළින්ද මෙය ඔබට දැකගත හැකියි.

Megabots සමාගමේ රොබෝ දැවැන්තයා Eagle Prime
Eagle Prime සහ Kuratas රොබෝ සටන් කරුවන්ගේ උස පිළිවෙලින් අඩි 16ක් සහ 13ක්. රොබෝ වරයෙක් ගේ බර ටොන් 12ක් පමණ වෙනවා. තරඟය පැවැත්වෙන්නේ ජපානයේ අත් හැර දමන ලද වානේ කම්හලක් තුලයි.

තරඟ වට කිහිපයකින් සමන්විත වන අතර වටයේ දිනුම හිමිවන්නේ නැවත නැගිටිය නොහැකි වන සේ බිම හෙළීම (knock over)හෝ සම්පූර්ණයෙන් අඩපණ කිරීම (disabling) මගින්. මෙම තරඟය melee සටනකි. ගිනි අවි හෝ තියුණු ආයුධ භාවිතා කිරීමක් සිදු නොවේ.
Suidobashi රොබෝ සටන්කාමියා Kuratas
එක් එක් වටය අවසානයේ රොබෝ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සිදු කළ යුතු නිසා සාමාන්‍ය තරඟයක මෙන් සජීවී විකාශයක් ලෙස මෙය විකාශය කිරීමට අපහසු බැවින් දින කිහිපයක් තුළ පටිගත කළ තරඟ වට එදිනට විකාශය කිරීමට නියමිතයි.

No comments:

Post a Comment