Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Tuesday, March 28, 2017

සංචාරක ස්ථාන හා බැඳුණු අපූරු විශ්වාස

ලෝකයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන කීපයක් ආශ්‍රිතව බැඳුණු අපූරු විශ්වාස කිහිපයක් ගැන කතා කරමු.



The Blarney Stone
The Blarney Stone
අයර්ලන්තයේ Cork නුවර පිහිටි 1446 දී නිමවන ලද Blarney බලකොටුවේ පඩිපෙළ නැග එහි මුදුනේ උඩුබැලි අතට වැතිර එහි ආරක්ෂක ප්‍රාකාරය සිප ගන්නා අයට චතුර කථිකත්වයක් ලැබෙන බව සංචාරකයන් විශ්වාස කරයි.

The Charles Bridge
The Charles Bridge
චෙක් ජනරජයේ ප්‍රාග් නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ශනයක් වන්නේ Mala Strana සහ Old Town යා කරමින් 15 වන සියවසේ දී සිව්වන චාල්ස් රජු නිමවූ චාල්ස් පාලමයි. 

මීටර 500ක් පමණ දිගින් යුත් පාලම දෙපස ප්‍රතිමා සහ ඵලක රාශියක් නිමවා ඇති අතර St. John of Nepomuk ප්‍රතිමාවේ පහළ සවි කළ ඵලකය ස්පර්ශ කිරීමෙන් වාසනාව හා කරදරයකින් තොරව නැවත මව් රටට යාමට හැකි වනු ඇතැයි සංචාරකයන් විශ්වාස කරනවා.

The Trevi Fountain
The Trevi Fountain
රෝමයේ Trevi දිය උල්පත පුරාණ රෝමයේ පැරණිතම ජල උල්පත් වලින් එකක්. 
මෙම ස්ථානයේදී දකුණතින් වම් උරහිසට උඩින් කාසි විසි කළ විට නැවතත් තමන්ට රෝමයට ඒමට වාසනාව හිමිවන බව සංචාරකයන්ගේ විශ්වාසයයි. උල්පතට දිනකට යූරෝ 3000ක පමණ (රුපියල් ලක්ෂ 5 ) කාසි වැටෙන අතර එම මුදල් පුණ්‍ය ක්‍රියා සඳහා යෙදවේ.

Victor Noir
Victor Noir
විකටර් නොයාර් තම ජීවිත කාලයට වඩා මරණයෙන් පසුව ප්‍රසිද්ධියට පත් වූ කෙනෙක් කීවොත් මම නිවැරදියි. ඔහු මාධ්‍යවෙදියෙක් වූ අතර කලව පෙදෙසට වෙඩි වැදීමෙන් මිය ගියා. 

පැරීසියේ Perw Lachais නුවර ඔහුගේ ශරීරය මිහිදන් කර ඇති අතර එම ස්ථානයේ ඔහු වැතිර සිටින අයුරින් අනුරුවක් තනා තිබෙනනේ වෙඩි වැදුණු ස්ථානය හොඳින් පෙනෙන්නට ඉහලට නෙරා එන ලෙස පරිදියි.
ප්‍රතිමාවේ ස්වභාවය අනූව ඔහු පැළඳි කලිසමේ නැමුමක් නිසා ඔහු ලිංගිකව ප්‍රාණවත් බවකින් සිටින බවක් පෙනෙන්නට ඇති අතර එම නිසාම නරඹන්නන් මෙම ප්‍රතිමාව සාර්ථක පවුල් දිවියක් සහ දරුඵල ලැබීමේ සංකේතයක් ලෙස විශ්වාස කරනවා.

නරඹන්නන් එම ගැටිත්ත ස්පර්ශ කර, ප්‍රතිමාවේ තොල් මතට හාදුවක් දී ඉල්ලා සිටින්නේ තමන්ට දරු සම්පත් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි..

Lincoln's Nose
Lincoln's Nose
ඇමෙරිකාවේ ඉලිනොයිස් හි ඕක් රිජ් කනත්තේ ඇමෙරිකානු හිටපු ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ සොහොන් කොත නිමවා ඇති අතර එහි ලින්කන් ප්‍රතිමාවේ නාසය අත ගෑමෙන් වාසනාව උදා වන බව සංචාරකයන් විශ්වාස කරයි.

The Mouth of Truth
The Mouth of Truth
රෝමයේ පිහිටි සත්‍යයේ මුඛය - The Mouth Of Truth (La Bocca della Verità) ප්‍රසිද්ධ වී ඇත්තේ බොරු අල්ලන ගලක් ලෙසටයි. මධ්‍යතන යුගයේ යමෙක් ඇත්ත කියන්නෙදැයි පරික්ෂා කිරීමට මේ ප්‍රතිමාවේ කට ඇතුලට අත දමා තම ප්‍රකාශය සිදු කල විට එය බොරුවක් නම් එහි කට වැසී අත වෙන් වන බවට විශ්වාසයක් පවතිනවා. 
ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන මෙහි කට ඇතුලට අත දමා සංචාරකයන් ඡායාරූප ගැනීමට ඉතා ප්‍රිය කරනවා.

THE INTIHUATANA STONE, PERU
THE INTIHUATANA STONE, PERU
පේරු රටේ Machu Picchu ඉපැරණි නගරයේ පිහිටි Intihuatana ගල හඳුන්වන්නේ හිරු දෙවියන් සමග සම්බන්ධ වීමේ දොරටුවක් ලෙසයි. ශාමන් වාදී පුරාවෘත්ත වලට අනූව මෙම ගලේ තම නළල ස්පර්ෂ කිරීමෙන් විශේෂ සංවේදිතාවක් ඇති පුද්ගලයන්ට ආත්මීය ලෝකය සමග සම්බන්ධ විය හැකි බව සංචාරකයන් විශ්වාස කරනවා.

THE HAGIA SOPHIA, ISTANBUL
THE HAGIA SOPHIA, ISTANBUL
Haghia Sophia යනු Byzantine අධිරාජ්‍ය සමයේ පල්ලියක් ලෙසත් ඉන්පසුව මුස්ලිම් දේවස්ථානයක් ලෙසත් පැවැතිව අවසානයේ කෞතුකාගාරයක් බවට පත් කල තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක්. මෙහි තිබෙන ලෝකඩ කණුවක මහපට ඇඟිල්ල තරම් සිදුරක් ඇති අතර ජනප්‍රවාදයේ සඳහන් වන්නේ Justinian අධිරාජ්‍යයා එය ස්පර්ශ කල විට කාලයක් තිස්සසෙව් තමන්ට වධ දුන් හිසරදයක් සුව වූ බවයි.

අද එහි පැමිණෙන සංචාරකයන් තම මහපට ඇඟිල්ල සිදුරේ හොවා දක්ෂිණාවර්තව අත වටයක් කරකවා පතන්නේ තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉක්මනින් ඉෂ්ට වීමයි.

St. Peter's Statue
St. Peter's Statue
අවුරුදු 800කට පමණ පෙර Arnolfo di Cambio විසින් ගොඩනගන ලද වතිකාන රටේ ශා. පීතර බැසිලිකාව ලෝක ප්‍රසිද්ධ පූජනීය මෙන්ම සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක්. 

එහි ඇති ශු. පේදුරු (පීටර්) තුමාගේ ප්‍රතිමාවේ සුවිශේෂීත්වය වන්නේ එහි පාදය සහ ඇඟිලි නරඹන්නන්ගේ ස්පර්ශය නිසාම ක්ෂය වී ගොස් තිබීමයි. වසර සිය ගණනක් තිස්සේ වන්දනා කරුවන් මෙම ස්ථානය ස්පර්ශ කරන අතර ඔවුන් තම යාච්ඤා ඔප්පු කරමින් පේදුරු තුමාගේ මැදහත් කම තුල දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටිනවා.

Sensoji Temple
Sensoji Temple
විවිධ අසනීප වලින් පසුවන අය ටෝකියෝවේ පැරණිතම සෙන්සෝජි පන්සලට යන්නේ එහි ලෙඩ රෝග සුවකිරීමේ බලයක් ඇති බව විශ්වාස කරන නිසායි. විහාරයේ සුවඳ දුම් කුඩු ස්වල්පයක් ශරීරයේ රෝගී ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය අත් වන බව ඔවුන් විශ්වාස කරනවා.

1 comment: