මේ දිනවල සමාජ ජාල වල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ Linkin Park සංගීත කණ්ඩායමේ ගායක Chester Bennington ගේ අකල් මරණයයි. දීර්ඝ කාලීනව ඔහු පීඩා විඳි විශාද තත්වය (depression) නිසා ඔහුගේ නික්මයාමට හේතු වූ බවට මත පල වී තිබෙනවා.
නමුත් මේ කියන්න යන්නේ චෙස්ටර් ගැන නම් නොවේ, සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙක්ගේ වටිනා ජීවිතය උදුරා ගත හැකි, එතරම් අපගේ කතා බහට ලක් නොවන බරපතල මානසික සෞඛ්‍ය ගැටළුවක් වන විශාදය (depression) ගැනයි.
සරලව කිවහොත් විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".
විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.
ලංකාවේ සමාජය තුල මානසික රෝග පිළිබඳව ඇති අවබෝධය සතුටුදායක මට්ටමට තවමත් පැමිණ නෑ.
මානසික රෝගියෙක් සිටීම පවුලටම නින්දාවක් ලෙස සැලකෙන අතර ඔවුන් “පිස්සන්” ලෙස හංවඩු ගසා සමාජයෙන් කොන් කිරීම සුලභව දැකිය හැක. විශාදය යනු මානසික රෝගී තත්වයක් බව පිළිගැනීමටද ඔවුන් කැමති නෑ. මේ නිසා විශාදය ප්රමුඛ මානසික සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විඳින බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.
විභාග අසමත් වීම, විරහව, සමිපතමයෙකුගේ වියෝව, ගෘහස්ත හිංසනය, අනපේක්ෂිත මුල්‍ය පාඩු වැනි අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට අප සියල්ලන් මුහුණ දෙන අතර මේ දුක කාලයත් සමග පහව යයි. මෙය සාමාන්‍ය තත්වයක් වන අතර මානසික සෞඛ්‍ය ගැටළුවක් ලෙස නොසැලකිය යුතුය.
කෙසේ නමුත් එවැනි සිද්ධි නිසා ඇතිවන ශෝකී බව දිගටම පැවතීමෙන් එය විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.
විශාදය ඇති වීමට හේතු සමහරක් පහත දැක්වේ.
*ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)
විශාදය බොහෝ විට සුව කල හැකි අතර මුල් අවස්ථාවේ දී මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත හැක. විශාදය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දීමද සිදු වේ. තත්වය උත්සන්න වූ විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.
විශාදය මාස 6 සිට අවුරුදු කීපයක් පුරා වුව පැවතිය හැකි අතර වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රෝගය පාලනය වූ පසුව මාස 4-6ක් පමණ යනතුරු ප්‍රතිකාර ලබා දෙයි. නැවත්වීමෙන් පසු 30% කට නැවත විශාදය ඇති වීමේ අවධානමක් පවතින නිසා වෛද්‍යවරයා සමග නිතර සම්බන්ධතා පවත්වාගැනීම ඉතා වැදගත්. එලෙස නැවත විශාදය වැළඳුන අය සහ එවැනි අවධානමක් ඇති අය සඳහා මාස 6-24 දක්වා ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙය රෝගයේ තත්වය අනුව වෙනස් වේ.
කෙසේ නමුත් විශාදය මැඩලීමේ විශාලම ගැටලුව වන්නේ සමාජ ආකල්ප, විශාදය පිලිබඳ අනවබෝධය නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැලි වීම හේතුවෙන් විශාද තත්වය උත්සන්න වී රැකියා අහිමි වීම, පවුල් ප්‍රශ්න ඇති වීමට, කායික රෝගී තත්ව උත්සන්න වීම හා සිය දිවි නසා ගැනීමට පවා සමහරු යොමු වීමයි.
විශාදයේ ප්‍රධාන ලක්ෂණ 3කි.
*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම
මීට අමතරව පහත උප ලක්ෂණ විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.
*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම
***ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක් ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත්. ***
විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමිපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.
විශාදය සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා ගමු.
විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් සේවය කරන දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් සහ මහා රෝහල් වල මානසික සෞඛ්‍ය සායන පැවැත්වේ තවද අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පෞද්ගලික රෝහල් වල මනෝ වෛද්‍ය වරුන්ද ඔබට හමු විය හැක.
මීට අමතරව ප්‍රාදේශීය මට්ටමින් සහ යෞවන සමාජ, පාසල්, වැඩිහිටි නිවාස, ළමා නිවාස ඉලක්ක කරගෙන මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ඔබත් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් කළ යුතු දේ
*මනෝ වෛද්‍ය වරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.
*විශ්වාසවන්ත කෙනෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න.
*ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න.
*මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. විශාදය උත්සන්න කිරීමට මත්පැන් හේතු වේ.
*ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න.
*නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න.
*එදිනෙදා කාර්යයන් වල හැකිතාක් යෙදෙන්න.
*පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. (ඔවුන් ඔබේ තත්වය ගැන දැනුවත් වීම සහ ඔබට ඇහුන්කන් දීම ඉතා වැදගත්.)
*මානසික සුවය සඳහා භාවනා කරන්න.
*ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම් වල නිරත වන්න.
*සිය දිවි නසා ගැනීමට සිතේ නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් හෝ සුමිත්‍රයෝ සේවාව 011 269 2909 / CCC පදනම 1333 අමතන්න.
ඔබේ පවුලේ කෙනෙක්, මිතුරෙක් විශාද තත්වයෙන් පීඩා විඳිනවා නම් ඔබ කල හැක්කේ මොනවාද?
විශාද තත්වයෙන් පීඩා විඳින අය අන් අයව නුරුස්සන නිසා ඔවුන් වෙත ලඟා වීම අපහසු විය හැක. තමන්ට මානසික රෝගී තත්වයක් ඇති බව පිළිගැනීමට ඔවුන් මැලි විය හැක.
*නිවැරදි මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව යොමු කරන්න.
*ඔවුන්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් කරන්න.
*ඔවුන්ට ඇහුම් කන් දෙන්න, ඔවුන්ගේ ජිවන ගැටළු විසඳීමට දායක වන්න.
*ඔවුන්ග්ගේ අකාර්යක්ෂම බව, අවධානය යොමු කිරීමේ ගැටළු විශාදය නිසා ඇති වන්නක් බව තේරුම් *ගෙන ඔවුන්ට සංවේදී වන්න.
*හැකිතාක් එදිනෙදා කටයුතු කිරීමට ඔවුන්ව උනන්දු කරවන්න.
*නිසි වෙලාවට ප්‍රතිකාර, ඖෂධ මාත්‍රා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.
විශාද තත්වයෙන් පීඩාවිඳින්නන් සහ දිවි නසා ගැනීමට සිතුවිලි ඇති අය වේ නම් වහාම පහත දුරකථන අංක අමතා සහය පතන්න.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 011 2 682 535 / 011 2 692 909
CCC පදනම - 1333 (නොමිලේ ඇමතුම්)
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - 011 7 490 000
ලිපිය සකස් කිරීම සහ ජායාරූප සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය, ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයේ ප්‍රකාශන උපයෝගී කරගන්නා ලදී.
-- මලිත්--
ස්ස්තූති
ReplyDeleteමේ ලිපියෙ සඳහන්වන ප්රදානලක්ශන 3ම මට තියනව. උප ලක්ශන වලිනුත් 90%කට වඩා මට තියෙනව. ලිපියෙ තිබුනට වෛද්‍යවරු හමු වෙන්න, උපදේශන සේවා වලට සහබාගි වෙන්න කියල මට එහම කරන්න බෑ, මොකද මගේ හිතේ තියන ප්‍රශන තව කෙනෙක් ඉස්සර කියන්න මට මාර ලැජ්ජයි. මීට කලිනුත් මං මගේ සමීපතමයන් කීප දෙක්ටම මගේ හිතේ තිබෙන ප්‍රශ්න කියන්න උත්සහ කර. එයාලත් ලෑස්තියි මගේ ප්‍රශ්න අහන්න. ඒත් එයාල එක්ක කතාව පටන් ගත්තහම මට කියන්න ඕන දේවල් වලින් 10%ක්වත් මගෙන් කියවෙන්නෙ නෑ,. සමහර වෙලාවට මං මගේ ප්රශ්නගැන එයාල එක්ක කතා කරද්දි මට මගේ ප්‍රශෙනෙ සමහර කොටස් එයාලට කියන්නත් අමතක වෙනව. සමහර වෙලවට එයාල හිතනව මං බොරු කියනව කියලත්. මගේ හිතේ තියන ප්‍රශ නිසා කීප සැරෙයක්ම මන් ජීවිතේ නැතිකරගන්නත් උත්සහකරා. මට දැං හිතාගන්න බෑ මං මොනාද කරන්න ඕමෙ කියල.
ReplyDeleteඔබ සුදුසුකම්ලත් උපදේශකයකුගේ සේවාව ලබා ගන්න. උපදේශකයකු කිසිදා ඔබේ පුද්ගලික තොරතුරු, රහස්‍ය දේවල් වලට හානියක් වන ලෙස කටයුතු කරන්නෙ නෑ. ඔවුන් රහස්‍යභාවය සුරැකීමට බැදි සිටිනවා. ඉක්මනින් එවැනි කෙනෙක් මුණගැසී ගැටලුවලට විසදුම් සොයාගන්න සහය ලබා ගන්න. සියදිවි නසා ගැනීම ප්‍රශ්න වලට විසදුමක් නොවන බව නිතරම සිතන්න.
Deleteමටත් මේ කෙනා කියන එකම තමයි තියෙන්නෙ.මටත් ලැජ්ජයි මගේ මානසික පීඩනගට හේතු උන දේවල් කියන්න.
DeleteMata thiyenne nithara kenthi yana ekai, nitharam dukin inn eki e ai kiynn mn Danne nh eth mt hithenawa mt me vishadaya thiyenawa kiyl ...
DeleteMema roga lakshana siyallama nisa wasara hatharaka pamana kalayak ma pida widhimi..dan mage wayasa aurudhu 20 ki me wana wita ma 13 wathawak dhiwinasaganimatha thath kala atha..ata paya pulussa ganim kapaganinda rashiyaki meyata gathayutu piyawara kumakda
ReplyDeleteවිශාදය කියන රෝග ලක්ෂණ තියෙන , සියදිවි නසා ගන්නම උත්සහ කරපු එක් කෙනෙක්ගේ ජීවිතය මම බේර ගත්තා. ඒ නිවැරදි වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන්. පසුව ඔහු විවාහා වෙලා සාමාන්‍යය කෙනෙක් විදියට ජීවත් වෙනවා. හැබැයි ජීවිතකාලයටම බෙහෙත් බොන්න ඔනේ. බෙහෙත් බොනකන් කිසිම අසනීපයක් නැහැ,මොන ප්‍රස්න ආවත් සියදිවි නසා ගන්න ඕනෙ කියන සිතිවිල්ල එන්නේ නැහැ.හැබැයි බෙහෙත් නොබී දින 3,4 යන කොට ටික ටික අර පැත්තට යන්න ගන්නවා.ඒ ඩොක්ටර් කවුද කියලා දැන ගන්න ඔනේ නම් සහ මේ රෝගය සම්බන්ධ තවත් තොරතුරු අවශය නම් මට කථා කරන්න.මම උදව් කරන්නම්.0713380818
DeleteMema roga lakshana siyallama nisa wasara hatharaka pamana kalayak ma pida widhimi..dan mage wayasa aurudhu 20 ki me wana wita ma 13 wathawak dhiwinasaganimatha thath kala atha..ata paya pulussa ganim kapaganinda rashiyaki meyata gathayutu piyawara kumakda
ReplyDeleteMema roga lakshana siyallama nisa wasara hatharaka pamana kalayak ma pida widhimi..dan mage wayasa aurudhu 20 ki me wana wita ma 13 wathawak dhiwinasaganimatha thath kala atha..ata paya pulussa ganim kapaganinda rashiyaki meyata gathayutu piyawara kumakda
ReplyDeleteMata depression and anxiety borderline personality disorder thiyenawa. Mama suicide karaganna 20k withara try karala thiyenawa. Mata wayasa 16i . Mama hamadama self harm karagena blood walain chithra adinawa . Mama danata 1000ta wada kapa gena thiyenawa . Mama kochchara counselorsla doctors la channel karath mata poddak wath adu wenne ne. Mata marenna hithila thiyenne . Mama dan beer wine bonnath purudu wela .
ReplyDeleteNo one can help me . I know
DeleteI think i can help you
Deleteමට මේ සේරම රෝග ලක්ශන තියෙනව ලගදි ඉදන් doctor මට help කරන්න ඔලුව නිදහස් කරගන්න 😔
ReplyDeleteසේරම එපාවෙලා තියෙන්නෙ අම්මා තාත්තා මොනව කිව්වත් මම රන්ඩු වෙනව නිතරම මම මානසික රෝගියෙක්ද doctor 😔
ReplyDeleteමේක ඇත්තටම වැදගත් ලිපියක් නියමයි!!
ReplyDeleteකාන්සාව සහ මානසික අවපීඩනය අතර වෙනස දන්නවද https://www.youtube.com/watch?v=v17iNaWzFA0
Mamath adaraya nisa godak duk wind kenek mage gedara parisaraya nisa mata nidahase adannawath ba mata ba eyla man nisa duk wenawata mata katha karannawath kenek na me gana man thaniwela wage mata mage hitha hada ganna kochchara try kslath man watenawa man marenna gidak try kala amma gana hithala anthima mohothe nawaththanawa eth man dannawa man dawaaka me dewal dala ynawa mata duka dara gena eketh anthimet awama mn me loken yai mat marennai one me hamadekinma ath wenna mt eka wiwithari kranna puluwan please help
ReplyDeleteGodak hoda doctorsla innawa..counsellorsla innawa..meet unoth oyage wedanwa tikak hari aduwei kiyala man hithanawa
Deletemata auruddaka withara idan me rogaya tynwa.hema welema adanna hthnwaa..marry krnna hthnne ne.kisima hegimak denenne ne.mm godak asarani..mekata beheth gaththoth adu wenwada
DeleteMata dan jeewath wena eka athi kiyala hitena taramatama jeevitaya mata titta karawala..man asaii jeevath wenna godaak satutin asawen mehema mari mari neme man jeeviteta adare karana taramata mata jevite nati karaganna hitala tiyennee..mokada man kamati naha ahh jeevitetata mehema vada didi vidawa vidawa jeevath karawanna..man masa ganak idan try karanawa jeevath wenna eth mage pashne visadena pashnayak neme mawa dawasa gane marawanawa mata wada denawa manasikawa mawa wattana tana matama hitaganna bahaa..mata dan hamadema epa wela eth jeevath wenna asawa tama ehemai eth mata jeevath wenna baha..man meka danna aii kiyala mata terumak naha me mohoteth man jeevath wenna puluwan uthsahayaka inne..eth hamadama masaganaka idan man mawa rawattagena satuta boruwata aran balen aran salli walata aran jeevath wenne ..mata ehema jeevitayak one naha.
ReplyDelete-DD
DeleteReply me via disthushi7@gmail.com.
DeleteMatath me kiyapu lakshana 90%kma thiyenawa mata meka kianna kawruthma ne mata thaththata kiyanna be me dewal. Mage ammath rata inne mata kiyanna puluwan kenek ne kiwath kiyana welawata witharai hitha nidahas thawa kochchara kalayak mehema jiwath wenna puluwan weida kiyanna mama danne ne mata mokak karannda kiyala therenne ne
ReplyDeleteMata me samaje wena podi deyakuth athi jiwithe thawath kalakirenna kochchara uthsaha kalath hithata shakthiya aran inna kiyala mata thawath jiwithe kakirimak witharai labenne
ReplyDeleteමම දන්නෙ නැ මට විශාදය තියෙනවද කියල.ඓ්ත් මට මැරෙන්න හිතෙනව හැම වෙලාවෙම...
ReplyDeleteOya mata disthushi7@gmail.com kiyana mail ekata mail ekak danna. Man hithanne eka oyata godak hodai
Deleteමමත් සමඟ හොදින්ම හිතවත් පුද්ගලයෙක්ට මෙම රෝගි තත්ත්වය ඇතිවෙලා තියනවා.එහෙත් ඒ පිළිබඳව ඔහු දැනුවත් නැහැ.ඒ පිළිබඳව ඔහුව දැනුවත් කර පැහැදිළි කර දුනහොත් එය ගැටළුවක් වෙිවි ද?ඔහුගේ නිවසේ පුද්ගලයන් ඒ පිලිබඳව දැනුවත් වුවද එක් වරක් සර්වාංග රෝග විශේසඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත් නිසා ඒ පිළිබඳව වැඩි තැකිමක් නොකරයි.නමුත් ඔහුට මැරෙන්න සිතෙන බව නිතරම මා සමඟ පමණක් පවසයි.මෙයට මා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?
ReplyDeleteMe okkoma mata thiyanawa... Mata therenne ne mokakda kiyala... Mata hemadeyakma epa wela kawath penna be adare karana kenawawath dn mata penna beri tharam... Dn api godak eth wela ada mata palli yana Ekath tharaha yanawa...
ReplyDeleteමම දැනට ඉන්නෙ 10 වසරෙ ප්‍රධාන රෝග ලක්ෂණ 3 හා උප රෝග ලක්ෂණ වලින් නින්දට බාධා වීම හැර අනිත් සේරම තියෙනවා මට wishadaya ද කියල නම් දන්නෙ නෑ ඒ නිසාම ද මන්දා කලින් panthiye හොඳ ඉහළ තැනක හිටියත් දැන් ගොඩක් දුර්වල වෙලා ඒක නිසා ම එක එක්කෙනා ගෙ අපවාද වලට ලක් වෙන්න සිදු වෙලා ගෙදර වැඩ වලදිත් නංගී ට වැඩිය අකාර්යක්ෂම නිසා දෙමාපියන් geth කතා අහන්න වෙලා සිය දිවි නසා ගන්න එන සිතුවිලි අමාරුවෙන්ම වුණත් පාලනය කර ගෙන ඉන්නව මට බය තියෙන්නේ මේ තත්ත්වය O/L වලට බල paida කියල
ReplyDeleteමටත් මේ රෝග ලක්ශන හැම එකක්ම හිතෙනව.මට තනියම ඉන්නමයි හිතෙන්නෙ.එක එක දේවල් කල්පනා වෙනව ගොඩක්ම වැඩ්.ඒව මහ විකාර දේවල් වෙලාවක්ට මම තනියම අඩනව. තව වෙලාවකට හයියෙන් කෑ ගහන්න හිතෙනව.මට ට්හියෙන තව දෙයක් තමයි මගේ මේ ප්රශ්නය තව කෙනෙක්ට කියන්න ගියාම ඒක කියා ගන්න බැහැ.කිය්න්න තේරෙන්නෙ නැහැ.ඕනවට වඩා හැම දේකටම මට දුක හිතෙනව.අවුරුදු ගනන්
ReplyDeleteපරන දේවල් මතක් වෙලා එක වෙලාවකට දුක හිතෙනව .
මම රජයේ රැකියාවක් කරන විවාහක දරු දෙදනකුගේ පියකි. මම පශ්වාත් උපාධිධාරියෙක් . මෑත කාලයේ උපදේනය පිළිබද පාඨමාලාවක් හදාරනවා. මම විශාදය රෝගයෙන් පෙළෙන බව දැනෙනවා.
ReplyDeleteජීවත් වෙන පසුබිමත් බලපානවද මෙ ලෙඩේට මටත් ටිකක් මේ ගති තියෙනවා ජීවත් වෙන්නෙ තනියම ඒකද දන්නෙත් නැහැ මේ දවස්වල වැඩ නැහැ ඉතින් ආර්ථික ප්‍රශ්න මට හිතෙනව එහෙම නම් ගොඩක් මිනිස්සුන්ට මේ කාලෙ මෙ වගේ ප්‍රශ්න ඇති කියල හිතාගන්න බැහැ මොනව කරන්නද කියල කොහෙ හරි ගිහින් නිදහසේ ඉන්න තියෙනවානම් කියල හිතෙනව වෙලාවකට එතකොට හිත සැහැල්ලු වෙයි කියලත් හිතෙනව
ReplyDelete