නැගෙනහිර ආසියාවේ පිහිටි හුදකලා රාජ්‍යයක් වන උතුරු කොරියාව ගැන දශක ගණනාවක් තිස්සේ එතරම් තොරතුරු අසන්නට නොලැබුනත් ඒ පිලිබඳ විස්තර මාධ්‍ය වෙත වාර්තා වෙනවා.
ඇල්බමයේ ඡායාරූප එකින් එක සමග ඇති විස්තරය කියවන්න.
-මලිත්
01. මේ 2017 නොවේ. 106!
අප භාවිතා කරන සම්මත ග්‍රෙගරි කැලැන්ඩයේම අපගමනයක් වන මෙය නිල වශයෙන් භාවිතා කිරීමට පටන් ගත්තේ 1997 සිටයි.
02. පරම්පරා 3කට සිරදඬුවම්
නීති විරෝධී ව කටයුතු කල අයට (බොහෝ විට දේශපාලන සිරකරුවන්ට) 1950 දශකයේදී කිම් ඉල් සුං හඳුන්වා දුන් නීතියකට අනූව තමන්ගෙව පවුල සහ ලඟම පරම්පරා 2ක පවුල් වලටත් අත් වන්නේ ජීවිතාන්තය දක්වා සිරකඳවුරු වල සේවය කිරීමට සිදු වෙනවා.
මෙයට තම දෙමාපියන්, තම දරුවන්, තම දෙමාපියන්ගේ මව් පිය පවුල් ද අයත් වනවා.
උතුරු කොරියාවේ ඈත තැනිතලා වල තමන් කල වරද කුමක්දැයි කියාවත් නොදැන gulag වල වධ බන්ධන වලට ලක් වෙමින් ඉතා කුරිරු දුක්බර ජීවිත ගත කරන පිරිස 200000 පමණ යයි ගණන් බලා තිබෙනවා.

03. උතුරු කොරියාවේ ජනප්‍රියම ස්ථානය - කිම් ජොන් ඉල් ගේ සංරක්ෂිත සිරුර
සංරක්ෂණය කරන ලද උතුරු කොරියානු සදාතන නායකයාගේ මෘත දේහය නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන් දහස් ගණන් එක් රොක් වනවා. දේශීය මග පෙන්වන්නන් කිම් ජොන් ඉල් සතු වූ කිසිසේත් විශ්වාස කල නොහැකි කුසලතා ගැන ඔබට කියාදෙනු ඇත.
04. උතුරු කොරියානු සිනමාව ගොඩනැගීමට අමුතු උපායක්
1978 දී එවකට ජනප්‍රිය චිත්‍රපට ධ්‍යක්ෂක වරයෙක්වූ Shin Sang Ok සහ ඔහුගේ බිරිය Choi Eun Hee ව උ.කොරියාව විසින් පැහැරගනු ලබනවා. ඒ කඩා වැටී ඇති උතුරු කොරියානු සිනමාව නැවත හොඩනැගීමේ අරමුණෙන්.
ඔහුගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට කිහිපයක්ම නිපදවුනු අතර 1986 දී ඔවුන් උතුරු කොරියාවෙන් පලා යනවා.05. නායකයාගේ අපූරු කොණ්ඩා මෝස්තරය
කිම් ජොං උන් ගේ කොණ්ඩා මෝස්තරයද මාධ්‍ය වල කතාබහට ලක් වන මාතෘකාවක්.
මෑතකදී ඔහු තම මෝස්තරයට අනූව රාජ්‍යයේ පිරිමින් ද කොණ්ඩය කැපීමට දිරිගන්වා ඇති බව වාර්තා වුනා.
06. සමෘධිමත් උතුරු කොරියානු ප්‍රොපගැන්ඩා නගරය
උතුරු-දකුණු කොරියා සීමාවේ පිහිටි හමුදාමය වශයෙන් අක්‍රිය බිම් තීරුවට (demilitarized zone) ඔබ්බෙන් උතුරු කොරියාවේ දැකිය හැකි දර්ශනීය නගරයකි.
අලංකාර මහා මාර්ග, පාසැල්, රෝහල්, කඩ සාප්පු වලින් සමන්විත මේ නගරයේ අමුත්තක් තිබේ. එහි කිසිවෙකු ජීවත් වන බව පෙනෙන්නට නැත.
උතුරු කොරියවේ සමෘධිමත් භාවය ගැන දකුණු කොරියානුවන් තුල හොඳ චිත්‍රයක් මවා පෑමට ගොඩනගන ලද ප්‍රොපගැන්ඩා නගරයක් ලෙස මෙය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වනු ලබනවා.

07. උතුරු කොරියාවේ මැතිවරණ
ඒකාධිපති පාලනයක් ඇති රටක හාස්‍යයට කරුණක් වුවත් උතුරු කොරියාවේ වසර 5කට වරක් මැතිවරණ පැවැත්වෙනවා.
නම් ලැයිස්තුවෙන් එක් අපේක්ෂකයෙක් ඔබට තෝරාගත හැකි අතර ලැයිස්තුවේ දැක්වෙන්නේ එක් අපේක්ෂකයෙකුගේ නමක් පමණි.
නම් ලැයිස්තුවෙන් එක් අපේක්ෂකයෙක් ඔබට තෝරාගත හැකි අතර ලැයිස්තුවේ දැක්වෙන්නේ එක් අපේක්ෂකයෙකුගේ නමක් පමණි.
08. වෙබ් අඩවි 28කට පමණක් සීමා වූ කොරියානුවන්ගේ අන්තර්ජාලය
මිලියන 25ක් වන ජනගහනයෙන් අන්තර්ජාල පහසුකම් ඇත්තෙ ඉතාම සීමිත (දහස් ගණනක්) කොටසකට පමණයි. ඔවුන්ටද ඇතුලු විය හැක්කේ වෙබ් අඩවි 28කට පමණි.
පුවත්, කෑම වට්ටෝරු, රක්ෂණ වැනි සීමිත අඩවි සීමිත අඩවි ගණනක් මෙයට ඇතුලත්.
උතුරු කොරියානුවන්ට පරිගණකයක් මිලදී ගැනීමටත් විශේෂ අවසරයක් අවශ්‍ය වනවා.
සියලු පරිගණක වල උතුරු කොරියාවට ආවේනික Red Star මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන අතර එය ඇපල් මැක් පර්ගණක වල interface එක අනුකරණය කරමින් තනා ඇත.
09. ලෝක කුසලානයේ උතුරු කොරියානු දිරිගැන්වීම
2010දී දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක පාපන්දු කුසලාන තරඟයට උතුරු කොරියාව සහභාගි වූ අතර සියල්ලන් මවිත කරමින් දහස් ගණනක් උ. කොරියානු ක්‍රීඩා ලෝලීන් තම රට සහභාගි වූ තරඟ වලදී කණ්ඩායම දිරිමත් කරන්නට ජය ගෝෂා නගනු දක්නට ලැබුනා.
පසුව හෙළි වුනේ උ. කොරියානු රජය විසින් චීන මිනිසුන් කණ්ඩායමකට මුදල් ගෙවා තම රට වෙනුවෙන් ජය ගෝෂා නැගීමට ඔවුන්ව යොදවා ඇති බවයි.
පසුව හෙළි වුනේ උ. කොරියානු රජය විසින් චීන මිනිසුන් කණ්ඩායමකට මුදල් ගෙවා තම රට වෙනුවෙන් ජය ගෝෂා නැගීමට ඔවුන්ව යොදවා ඇති බවයි.
10. උපන්දිනය සැමරීමට තහනම් දින දෙකක්
ජූලි 8 සහ දෙසැම්බර් 17 යනු හිටපු නායකයන් වන කිම් ජොං ඉල් සහ කිම් ඉල් සුං අභාවප්‍රාප්ත වූ දිනයන්.
එම දින වල උපන්දින සැමරීම කොරියානුවන්ට තහනම්.
එම දින වල උපන්දින සැමරීම කොරියානුවන්ට තහනම්.
No comments:
Post a Comment