Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Wednesday, April 12, 2017

චීනයේ තියානන්මන් ඛේදවාචකය

ඒ වන විට චීනය වෙලාගෙන තිබූ දූෂණය, වංචාව, රැකියා හිඟකම, අයුක්තිය වැනි ප්‍රශ්න වලට එරෙහිව හඬ නැගූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිදහස් මතධාරී, ප්‍රතිසංස්කරණවාදී නායකයෙකු වූ Hu Yaobang ගේ මරණයත් සමහ 1989 අප්‍රේල් මැද භාගයේ චීනයේ බෙයිජින් නුවර තියෑනන්මන් චතුරස්‍රයට එක් වූ සරසවි සිසුන් ඔහුගේ කර්තව්‍ය ඉදිරියට ගෙනයමින් සාමකාමී උද්ගෝෂණ මාලාවක් ආරම්භ කරා. 



ඉතා ඉක්මනින් මේ උද්ගෝෂණ චීනයේ වෙනත් නගර 400ක් කරා පැතිර ගොස් සිවිල් ජනතාවගේ ද සහය ඇතිව පොදු ස්ථාන වල ජනයා ඒකරාශී වෙමින් යුක්තිය, නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරන අරගලයක් බවට එය පත් වුනා.

මේ ජනතා නැගිටීම චීන කොමියුනිස්ට් ආණ්ඩුව බැරෑරුම් ලෙස සලකා ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමග සාකච්ඡා කලද එය සාර්ථක නොවූ තැන මැයි මස 20 වන දින රජය "මාෂල් නීතිය" ප්‍රකාශයට පත් කරමින් යුධ ටැංකි සහ හමුදාව යොදවමින් උද්ගෝෂකයන් වට කරන්නට පටන් ගත්තා.

උද්ගෝෂකයන්ද හමුදා රථ අවහිර කරමින් තම අරගලය දරුණු කරන්නට වුනා. ඒ වන විට මිලියනක පමණ පිරිසක් තියෑනන්මන් චතුරස්‍රයේ උද්ගෝෂණ කරමින් සිටියා.

ජුනි මස 4 දින හමුදාව සිසුන් මර්ධනය ආරම්භ කල අතර යුධ ටැංකි, වෙඩි ප්‍රහාර ඔවුන් වෙත එල්ල කරමින් එලව එලවා පහර දුන්නා.තියෑනන්මන් චතුරස්‍රයේ ලේ ගංගා ගලා ගියා..

චීන සමූහාන්ඩුවේ කිසිම මාධ්‍යයකට මේ සිද්ධිය ගැන විවෘතව අදහස් දැක්වීම සපුරා තහනම් වන අතර රජය විසින් මේ ගැන ප්‍රකාශ කරන ලද විස්තර පමණක් ප්‍රසිද්ධ කල යුතු වුනා. 

තියෑනන්මන් හි ප්‍රහාර වලින් මිය ගිය ගණන 200-300 පමණ වූ බව චීනය නිල වශයෙන් ප්‍රකාශ කලත් එම ප්‍රමාණය 10000කට අධික විය විය හැකි බවයි සමහර මාධ්‍ය වාර්තා කරන්නේ. මිට අමතරව දහස් ගණනක විරෝධතාකරුවන් හමුදා අත්අඩංගුවට පත්වුනා. 

මේ සිද්ධිය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වුනේ ටැංකි මිනිසාගේ ජායාරුපය නිසයි. 
ඒ පිළිබඳව ලිපිය:
http://tilsinhala.blogspot.com/2017/04/tank-man_12.html

-මලිත්




The tank man
ලෝක ප්‍රසිද්ධ ටැංකි මිනිසා ජායාරුපය.
චීන යුධ හමුදාව නිරායුධ සිවිල් වැසියෙක් ඉදිරියේ දණ නමයි. 
1989 ජුනි 5 වන දින තියානන්මන් චතුරශ්‍රය දෙසට ගමන් කරමින් තිබු යුධ ටැංකි පෙළ බඩු මලු දෙකක් අතින් ගත සිවිල් wasiයෙක්ගේ මැදිහත් වීමෙන් මොහොතකට නවතී.

උද්ගොෂකයන් යටත් කර ගත් හමුදා ආරක්ෂක රථයක්

1989 මැයි 04 දහස් සංඛ්‍යාත සරසවි සිසුන් තියානන්මන් චතුරශ්‍රය දක්වා පෙළපාලියක් යන ආකාරය

හමුදා ප්‍රහාර නිසා මරු මුවට පත් උද්ඝෝෂකයන් (18+)

තියානන්මන් චතුරශ්‍රයේ භිෂණය ඇරඹෙයි.

උද්ඝෝෂකයන් විසින් ගිනිබත් කරන ලද සෙබළ ප්‍රවාහන රථ

ප්‍රකෝපකාරී උද්ගොෂකයන් ආරක්ෂක අංශ සමග ගැටීම වැලක්වීමට අත්වැල් පවුරක් තනා සිටින සරසවි සිසුන්

යුධ ටැංකි පෙළකට එරෙහිව නැගී සිටි බඩු මලු 2ක් අතින් ගත් සිවිල් වැසියා


උද්ගොෂනයට සහභාගී වූ වයෝවෘද්ධ චීන ගැහැණියක්

වෙඩි වැදුණු විරෝධතාකරුවෙක්. (18+)

තියානන්මන් චතුරශ්‍රය 2016 දී.
විදුලි පහන් කණු වල හතර අත ආරක්ෂක කැමරා සවි කර ඇත.
ප්‍රතිසංස්කරණවාදී Hu Yaobang සරසවි සිසුන්ගේ ගෞරවයට පාත්‍ර වූ නායකයෙකි.


1989 අප්‍රේල් 26 විරෝධතා කරුවන්

1989 මැයි 13 වන විට ලක්ෂ 3ක පමණ පිරිසක් විරෝධතා වල නියෙලන අතර සමහරු උපවාසයේ යෙදුනා

මාෂල් නිතිය යටතේ බෙයිජිං අගනුවරට පැමිණි චීන හමුදා සෙබළුන්ට තම අරමුණ වෙනුවෙන් එකතු වෙන්නයි ආරාධනා කරමින් ඔවුන් දේශනා පවත්වන විරෝධතාකරුවන්

විරෝධතාව සඳහා නායකයෙකු නොමැති වුනත් තම අරමුණ වෙනුවෙන් නොනැවතී සටන් කරන විරෝධතා කරුවන්.

ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව අනුකරණය කරමින් නිර්මාණය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවඟන - අඩි 30ක් උස මුර්තිය විරෝධතා කරුවන් දින කිහිපයක් ඇතුලත නිමවා නිරාවරණය කරයි,

නි මස ආරම්භයත් සමග විරෝධතා කරුවන්ව තියානන්මන් චතුරශ්‍රයෙන් ඉවත් කිරීම ආරම්භ වෙයි.

හමුදාවට විරෝධය දක්වන උද්ඝෝෂකයන්

චීන හමුදාව තියානන්මන් චතුරශ්‍රයෙන් පිටත මාවත් වල පවා ජනයාට වෙඩි තබා ඇති බව වාර්තා වී ඇත

ටැංකි මිනිසා, වෙනත් කෝණයකින්

1989 ජුනි 5

වෙඩි වැදුණු පුද්ගලයෙක්ට සාත්තු කරන විරෝධතාකරුවන් (18+)

බොහෝ චීන වැසියන් මේ සිද්ධිය ගැන දන්නේ රජයේ මාධ්‍ය එය විස්තර කල කරුණු පමණි.

විදී සරණ යුධ ටැංකි

මහජන චීනයේ තියානන්මන් සිද්ධිය සමරමින් විරෝධතා පැවැත්වීම තහනම් වුනත් තරමක ලිහිල් පාලනයක් ඇති හොංකොං දුපතේ වැසියන් තියානන්මන් සිද්ධිය සමරමින් පෙළපාලි යන අයුරු

No comments:

Post a Comment