Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Wednesday, April 12, 2017

ටැංකි මිනිසා - The Tank Man

අන්තර්ජාලයේ සැරිසරන ඔබ යුධ ටැංකි පෙලක් ඉදිරියේ සිටගෙන සිටින පුද්ගලයාගේ ඡායාරූපය බොහෝ දුරට දැක ඇති. මේ ඒ ගැන කතාවයි.
Add caption
1989 ජූනි 5 දින ගන්නා ලද මේ ඡායාරූපය චීනයේ තියානන්මන් චතුරස්‍රයේ ඛේදවාචකය හා බැඳුනක්.


( ඒ සම්බන්ධ ලිපිය:http://tilsinhala.blogspot.com/2017/04/blog-post.html)
අප්‍රේල් මස සිට සරසවි සිසුන්, සිවිල් ජනතාවගෙන ගිය යුක්තිය හා සමාජ සාධාරණත්ව අරගලය නිම වූයේ ජීවිත ජූනි 4 දින දහස් ගණනක්(නිල වාර්තා අනූව 200-300) වෙඩි උණ්ඩයට බිලි වෙමින්.
ඊට පසු දින විරෝධතා කරුවන් පීරමින් බෙයිජිං නගරය පුරා හමුදාව සහ යුධ ටැංකි සැරි සැරුවා. ඒ අනූව එදින උදෑසන මහජන චීන හමුදාවේ කෝප්‍රල් Wen Zhang තමාට භාර T69 යුධ ටැංකියට ගොඩ වූයේ තියානන්මන් චතුරස්‍රයේ විරෝධතා කරුවන් ඉවත් කිරීම සඳහා ඉහල නිලධාරීන්ගෙන් ලැබුණු අණ ක්‍රියාත්මක කිරීමටයි. ඒ අනුව මුලින් යුධ ටැංකි 8ක කණ්ඩායමේ ප්‍රමුණ ගෙන Chang'an වීදියේ සිට තියානන්මන් චතුරස්‍රයට එද්දි තවත් යුධ ටැංකි 60 ක් ඔහු පසුපස්සේ පෙළ ගැසුනා.

මෙසේ ගමන් කරන විට වෙඩි නොවදින ඉදිරිපස වීදුරුවෙන් ඔහු දුටුවේ ග්‍රොසරි බෑගි දෙකක් අතින් ගත් සුදු පැහැ කමිසයක් පැළඳි කෙසඟ පුද්ගලයෙක් පාරේ මැද සිටින බවයි. හදිසියේම ටොන් 34ක් බර දැවැන්තයාගේ තිරිංග ඔහු තද කළ අතර පසුපසින් ආ යුධ ටැංකිද ඒ අනූව ගමන අඩාල කරා. ඔහු යමක් යුධ ටැංකි වලට පැවසුවා
නැවත ගමන් කිරීමට ඉහලින් අණ ලැබුණු අතර Wen සූදානම් වූයේ ඔහු මග හැර දකුණු පසින් යාමටයි. නමුත් සුදු කමිස කාරයා දකුණට පැන එය වැලක්වුවා. ඉන්පසු වමෙන් යාමට යුධ ටැංකිය උත්සහ කරත් ඔහු නැවත වම් පසට පැන එය වැලැක්වුවා. Wen Zhang තම යුධ ටැංකියේ එන්ජිම ක්‍රියා විරහිත කල අතර පසු පසින් පැමිණි යුධ ටැංකි සමූහයද ඔහු අනුගමනය කරා.

ඉන්පසු ටැංකිය මතට නැග ගත් පුද්ගලයා ඒ තුල සිටින සෙබලුන් සමග මොහොතක් කතා කරා. කිසිවෙකු විසින් ඔහුව එතැනන් ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර ඉන්පසු ඔහුට සිදු වූ දෙය මේ වන තුරු කිසිම කෙනෙක් දන්නෙ නෑ.
තමා පෙනී සිටින මතය වෙනුවෙන් අති බලවන්ත හමුදාවක් ඉදිරියේ වුවද නොබියව, තනිව පෙනී සිටින්නට තරම් ඒ පුංචි පුද්ගලයා නිර්භීත වුනා. එමෙන්ම ඉහළ නිලධාරීන්ගේ අණ නොතකා, හෘද සාක්ෂියට එකඟ වී සිවිල් වැසියාගේ ජීවිතය බේරා ගැනීමට තරම් ධෛර්‍යයක් කෝප්‍රල් Wen Zhang සතු වුනා.
තරමක් ඈතින් සිට මේ සිද්ධිය ඡායාරූපගත කල Jeff Widener, Arther Tsang ඇතුලු මාධ්‍යවේදීන් එය ලොව පුරා බෙදා හැරියා.

චීනයේ මානව හිමිකම් ප්‍රශ්නය පිලිබඳව ජාත්‍යන්තරයේ ඇස් යොමු වුන අතර චීන ජනතාවට යම් තරමක මානව හිමිකම් අත්කර දීමට මේ සිද්ධිය උපකාරී වුනා.
-මලිත්

No comments:

Post a Comment