මධ්‍යම ආසියාවෙ පිහිටි පැරණි සෝවියට් රටක් වන තුර්කිමෙනිස්ථානයේ අගනුවර Ashgabat සිට කිලෝමීටර් 260 ක් දුරින් කරාකුම් කාන්තරයේ Derweze ප්‍රදේශයට යාබදව ස්වභාවික වායු නිධි සොයා 1971 දී සෝවියට් විද්‍යාඥයන් පර්යේශණ වල නියැලුනා.
එක් අවස්ථාවකදී වායු නිධියක් තුලට පර්යේෂණ අට්ටාලය කඩා වැටුණේ අඩි 230 පමණ විෂක්ම්භය සහිත පතුල නොපෙනෙන අති විශාල ආවාටයක් ඇති කරමින්.
එයින් මිනිසාට අහිතකර මීතේන් වායුව විශාල වශයෙන් නිකුත් වීමට පටන් ගත් නිසා ඒ අවට ගම්මාන 350ක ආරක්ෂාව උදෙසා නිධිගත වායු මුදා හැර අවසන් කිරීමට එම ආවාටයට ගිනි දැල්වුවා. දවස් කිහිපයක් තුළ ගිනිගෙන අවසන් වේ යයි විද්‍යාඥයන් සිතුවත් වසර 46කට පසුවත් ඒ දැල්වූ ගින්න එලෙසම දැල්වෙමිනවා.
මෙම ස්ථානය ලෝක ප්‍රසිද්ධ වූයේ The Door to Hell එනම් "අපායේ දොරටුව" ලෙසයි.
2010දී එය නැරඹීමට පැමිණි එරට ජනපති Gurbanguly Berdimuhamedow මෙම ආවාට වසා දමන ලෙස නියෝග ක්ළත් තවම එය සිදු කරන්නට බලධාරීන් සමත් වී නෑ.
මෙම ගිනි ජාලාවේ ආලෝකය සැතපුම් ගණනාවක් දුරට පැහැදිලිව දිස්වන අතර වර්තමානයේ මෙය වසරට 50000ක පමණ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් බවට පත් වී තිබෙනවා.
-මලිත්
No comments:
Post a Comment