Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Wednesday, April 12, 2017

අන්තර්ජාලය සහ ඔබේ තොරතුරු

අන්තර්ජාල අඩවි තුලදී අපි කොපමණ පෞද්ගලික තොරතුරු, ඡායාරූප ලෝකයට අනාවරණය කරනවාද? ඔබේ තොරතුරු කොතරම් ආරක්ෂිතද? ඔබ මුදා හරින තොරතුරු නිසා ඔබට යම් කරදරයක්, අපහසුතාවක් ඇති වීමේ සම්භාවිතාව කුමක්ද?



මේ රුසියානු ඡායාරූප ශිල්පී Igor Tsvetkov සිදු කරන ලද ආන්දෝලනාත්මක සමීකෂණයක ප්‍රතිඵල.
ඔහු විසින් සති 6ක් පුරාවට St. Petersburg නගරයේ උමං දුම්රිය මගීන් 100ක් පමණ හොර රහසේ ඡායාරූප ගත කරා. (Creepy, right? )
ඉන්පසු එම ඡායාරූප මුහුණු හඳුනාගැනීමේ opensource මෘදුකාංගයක් වන f*****ce හරහා උඩුගත කර රුසියාවේ විශාලතම සමාජ ජාල අඩවිය වන Vkontakte හි ඇති මිලියන 55ක පුද්ගලයන් අතරින් අදාල පුද්ගලයන්ගේ VK ගිණුම් සොයාගත්තා. මේ දැක්වෙන්නෙ ඔවුන්ගේ රහසින් ගත් ඡායාරූපය සහ VK ගිණුමේ ප්‍රොෆයිල පින්තූරයයි. ඔහු ගත් ඡායාරූප වලින් 70%ක පමණ නිවැරදි ගිණුම් සොයාගන්නට ඔහුට හැකි වුනා.
වර්තමාන තාක්ෂණික දියුණුවත් සමග ඔබේ ඡායාරූපයක් ඇතැති ඕනෑම පුද්ගලයෙක්ට මෙසේ ඔබේ සමාජ ජාල ගිණුම් හඳුනාගෙන ඒ හරහා ඔබට ලඟා වීමට, ඔබට යම් බලපෑමක් කිරීමට හැකියාව පවතිනවා.
එබැවින් ඔබ අන්තර්ජාලයේ කරන කියන දෑ, මුදාහරින ඡායාරූප, තොරතුරු පිලිබඳව ඉතා කල්පනාකාරී වන්න.
ඔබ ඉංග්‍රීසී ටෙලි නාට්‍ය නරඹන්නෙක් නම් Mr.Robot කථාව තොරතුරු වල බලය ප්‍රායෝගිකව පෙන්නුම් කරන, ඔබ නැරඹිය යුතුම කතාවක්.
බෝනස්: තොරතුරු වල ආරක්ෂාව ගැන කල්පනාකාරී වන අතරම සමාජ ජාල ජීවිතයේ අපි පෙනී සිටින ආකාරයට වඩා සත්‍ය ජීවිතයේදී කොපමණ හැඩරුවෙන් පවා වෙනස් ද යන්නත්, පින්තූර වලට පෙනී සිටින විට අපේ මුහුණේ ඇඳෙන සිනහව එදිනෙදා ජීවිතයේදී දක්නට නැති බව මේ පින්තූර පෙලින් ඔබට තේරුම් යනවාට සැකයක් නෑ.
-මලිත්























No comments:

Post a Comment